Thursday, May 5, 2011

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නව නිලධාරීන්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ස‍ඳහා නව නිලධාරීන් ජනාධිපතිවරයා විසින් 2011 මැයි මස 03 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් නැවතත් මහාචාර්ය ගාමිණි සමරනායක මහතා පත්කර ඇත. උපසභාපතිවරයා වශයෙන්
මහාචාර්ය රංජිත් සේනාරත්න මහතා පත්වී ඇති අතර කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වශයෙන් පත්වී ඇත්තේ මහාචාර්ය හරිස්චන්ද්‍ර අභයවර්ධන, මහාචාර්ය සුබ්‍රමනියම් මොහන්දාස්, මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර, මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්ය විජය මලලසේකර යන මහත්වරුන්ය.

ඉදිරි වර්ෂ 5 ක කාලයක් ස‍ඳහා ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම් සිදුකර ඇත.

No comments:

Post a Comment