ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය කොට්ටාව සිට මාතර දක්වා මේ දිනවල ඉදිවෙමින් පවතී. එහි කොට්ටාව මාකුඹුර සිට ගාල්ල පින්නදූව දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතින අතර මේ වසරේ අගෝස්තුවල එම කොටස විවෘත කරන බව ජාතික ප්‍රවාහන කොමිසම දන්වා සිටිනවා.
එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ කොට්ටාව සිට පින්නදූව දක්වා මාර්ගය විවෘත කිරීමෙන් පසුව නියමු ව්‍යාපෘතියක් ලෙස සංවෘත දොර සහිත බස් සේවයක් ආරම්භ කරන බවයි. මේ සඳහා මුලදී බස් රථ 3 ක් යෙදවීමටත් අවශ්‍යතාවය පරිදි බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමටත් යෝජනා වී ඇති බව ඔහු තවදුරටත් පැවසුවා.
මාර්ගය විවෘත කිරීමට පෙර කලුතර දොඩංගොඩ ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට නියමිතයි. කිලෝමීටර් 30 කින් යුත් පින්නදූව මාතර ගොඩගම දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා.
අධිවේගී මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 126 ක් වන අතර ප්‍රවේශ කවුළු 11 කින් යුක්තයි. ඒවා නම් මාකුඹුර, කහතුඩුව, ගෙලනිගම, දොඩංගොඩ, වැලිපැන්න, කුරුඳුගහහැතැප්ම, නයාපාමුල, පින්නදූව, දීගොඩ, කොක්මාදූව හා ගොඩගම වේ. මෙම අධිවේගී මාර්ගයේ සිට ගාලු කොටුව දක්වා දිවෙන කිලෝමීටර් 4.9 කින් යුත් ප්‍රවේශ මාර්ගයක් ද වෙනවා. බලාපොරොත්තුවන වේගය පැ.කි.මී. 120 යි. ඇස්තමේන්තුගත වියදම ඇ.ඩො. මිලියන 600 කි. 2006 වසරේ වැඩ ඇරඹි මෙම මාර්ගය මඳ වේගයෙන් ඉදිකළ අධිවේගී මාර්ගය වශයෙන් ද ඉතිහාසගත වනු ඇති.
No comments:
Post a Comment