Saturday, May 21, 2011

සරසවි සිසුන්ට හමුදා පුහුණුව මැයි 23 සිට

imagesCAJBG6V2 නවක සරසවි සිසුන් සඳහා යෝජිත හමුදා කඳවුරු තුළ පැවැත්වෙන නායකත්ව පුහුණුව නියමිත පරිදි මැයි 23 සිට ඇරඹෙන බව උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක පවසයි.

 

ඔහු පවසන්නේ සිසුන්ට හා දෙමාපියන්ට නියමිත පරිදි මැයි 22 දින තුළ අදාළ හමුදා කඳවුරුවලට වාර්තා කරන ලෙසයි.

නියමිත පරිදි මැයි 23 සිට මෙම පුහුණු වැඩසටහන ආරම්භ කරන ලෙස නීතිපතිවරයා විසින් අමාත්‍යාංශයට උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් සඳහා වූ ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, මෙම වැඩ සටහන සතියකින් කල් දැමීමේ හැකියාව ඇත්දැයි සොයා බලන ලෙස නීතිපතිවරයාට දැනුම් දෙනු ලැබීය. මෙයින් පෙනී යන්නේ අධිකරණයට මෙය සතියකින් කල් දැමීමේ අවශ්‍යතාවයක් පැවති බවයි.

No comments:

Post a Comment