මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට විශේෂ වාහන අංක තහඩු ලබාගැනීමේදී දැන් අයකරනු ලබන රු. 7,500 ක මුදල, රු 70,000 සිට රු 75,000 දක්වා ඉහළ නංවා තිබෙනවා. මෙය අයකරනු ලබන්නේ ලියාපදිංචි ගාස්තුවට අමතරවයි. දැන් වාහන ලියාපදිංචි ගාස්තුව රු. 14,000 කි.
දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව, මෙම විශේෂ අංක තහඩු ලබාගනු ලබන්නේ ප්‍රභූ පිරිස්, ව්‍යාපාරිකයන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි ඉහළ වෘත්තිකයන් ය.
මේ අතර දැනට මාසයකට පමණ පෙර රජය වාහන ආනයනික බදු ඉහළ දමනු ලැබුවා. ද්විබල (හයිබ්‍රිඩ්) වාහන ආනයනික බදු 75% සිට 100% දක්වා ඉහළ නැංවූවා. කෙසේ වෙතත් පසුගිය මාස දෙක ඇතුළත ද්විබල (හයිබ්‍රිඩ්) වාහන 3,000 ක් පමණ ශ්‍රී ලංකාවට ආනයනය කර තිබෙනවා.
No comments:
Post a Comment