ජනාධිපති මහින්ද රාජපක්ෂ හා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය අතර ඊයේ (25) සවස පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව එහි ප්‍රකාශකයෙකු පැවසුවා.
සරසවි ආචාර්යවරුන් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වෘත්තීය සටනකට එළඹියේ ඔවුන් දරණ ස්වේච්ඡා තනතුරුවලින් ඉවත්වෙමිනි. මැයි මස 12 වෙනිදා ඇරඹි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අද වනවිට තෙවන සතියට එළඹ තිබේ.
රජය පවසා සිටින්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 100% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින බවයි. එනම් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ මූලික වැටුප රු 168,000 සිට කනිෂ්ඨ ආචාර්යවරයෙකුගේ මූලික වැටුප රු. 50,000 දක්වා පරාසයක වැටුප් වැඩිවීමක් බවයි.
මෙම ගැටළු විසඳාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග තවදුරටත් සාකච්ඡා කිරීමට සූදානම් බව ආචාර්ය සංගමය ප්‍රකාශ කරනවා.
උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක පවසන්නේ ආචාර්යවරුන්ගේ මෙම ඉල්ලීම අසාධාරණ ඉල්ලීමක් බවයි. එසේ වුවත් ඔහු ගිය වසරේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මහාචාර්යවරයෙකුගේ වැටුප රු. 200,000 කින් ද කනිෂ්ඨ ආචාර්යවරයෙකුගේ වැටුප රු. 50,000 කින් ද වැඩි කළ යුතු බවයි. මේ අතර රජයේ ඇතැම් බලධාරීන් විශ්වවිද්‍යාල මුදවා නොගත් ප්‍රදේශ ලෙස ද පසුගිය කාලයේදී අර්ථ දක්වා තිබුණා.
No comments:
Post a Comment