ජාතික රූපවාහිනියේ නව සභාපති වශයෙන් කෘතහස්ත මාධ්‍යවේදියෙකු වන මොහාන් සමරනායක , ජනමාධ්‍ය හා ප්රවෘත්ති ඇමති කෙහෙලිය රඹුක්වැල්ල විසින් අද (30) සිට පත්කර තිබෙනවා.
මොහාන් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ගෞරව උපාධිධරයෙක් වන අතර ජනමාධ්‍යවේදියෙකු වශයෙන් ද කටයුතු කරනු ලබනවා. ඔහු ජාතික ගුවන් විදුලියේ ප්රවෘත්ති අධ්යක්ෂ වශයෙන් ද කටයුතු කර තිබෙනවා. මීට අමතරව ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්රවෘත්ති සංස්කාරක, ප්රවෘත්ති අධ්යක්ෂ, කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ යන තනතුරු ද හොබවා ඇති මොහාන් රූපවාහිනී වාණිජ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස ද කටයුතු කර තිබෙනවා.
තව ද එක්සත් ජාතීන්ගේ තොරතුරු මධ්‍යස්ථානයේ ජාතික තොරතුරු නිලධාරියා වශයෙන් ද කොළඹ හා වයඹ විශ්වවිද්‍යාලවල ඉංග්‍රීසි කථිකාචාර්යවරයෙක් වශයෙන් ද සේවය කර තිබෙනවා.
මෙතෙක් රූපවාහිනී සභාපතිධූරය දැරූ සරත් කෝංගහගේ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්කිරීමට නියමිත බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
No comments:
Post a Comment