Thursday, May 19, 2011

සරසවි ඇදුරන්ට මැයි මාසයේ වැටුප් නෑ

imagesCAJK1CIZ රාජකාරි කටයුතුවලින් වැළකී සිටින සරසවි ආචාර්යවරුන්ට මැයි මාසයේ වැටුප් නොගෙවන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලුම උපකුලපතිවරුන්ට චක්‍රලේඛයක් මගින් දන්වා සිටිනවා.

මේ වනවිට දිවයිනේ සරසවිවල බොහෝ ආචාර්යවරුන් ඔවුන් දරණ ලද ස්වේච්ඡා තනතුරුවලින් ඉවත් වී සිටිනවා. අධ්‍යයනාංශ ප්‍රධාන, පීඨාධිපති, බාහිර පාඨමාලා හා පශ්චාත් උපාධි පාඨමාලාවල අධ්‍යක්ෂ වැනි තනතුරු මෙම ස්වේච්ඡා තනතුරුවලට අයත් වෙනවා.

ආයතන සංග්‍රහය අනුව, රාජකාරි ඉටු නොකරනු ලබන සේවකයින්ට මහජන මුදලින් වැටුප් ගෙවීමට හැකියාවක් නොමැති බවත්, සියලුම ආවාර්ය, මහාචාර්යවරුන් බදු ගෙවන මහජනතාවට ඔවුන්ගේ වගකීම් ඉටුකිරීමට බැඳී සිටින බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක ප්‍රකාශ කරනවා.

1 comment:

  1. ඕක තනිකරම දේශපාලන පලිගැනීමක් බං.. SB ඒ කාලේ UNP ඉන්නකොට කිව්වේ අවම වැටුප 200,000 කරන්න ඕනේ කියලා. දැන් මිනිහම කියනවා එච්චර ගෙවන්න ඕනේ නෑ කියලා.

    ලැජ්ජයි බං කියන්න. මහාචාර්‍ය වරයෙක්ගෙ වැටුප 50,000. ආසියාවෙන්ම අඩුවෙන්ම ගෙවන්නේ ලංකාවේ. හැබැයි හොර මන්ත්‍රී කාරයෝ ලක්ෂ ගනන් ගන්නවා. ඒවට එකෙක් සද්ද නෑ.

    ReplyDelete