Sunday, May 22, 2011

මාතර දිසා විනිසුරුට ප්‍රහාරයක්

imagesCATTMFGB මාතර දිසා විනිසුරු කේ.ඩී.එල්. සමන් කුමාර අද (22) උදෑසන මාතර හමුදා කඳවුර අසලදී හමුදා භටයින් පිරිසකගේ පහරදීමකට ලක්විය. මේ අවස්ථාවේදී ඔහුගේ බිරිය ද මෝටර් රථයේ සිට ඇත. සිද්ධියෙන් පසු විනිසුරුවරයා හා ඔහුගේ බිරිය මාතර මහ රෝහලට ඇතුළු කරනු ලැබීය.

හමුදා භටයෙකු පාර අවහිර වනසේ යතුරු පැදිය නතර කරගෙන දුරකථන ඇමතුමක් ගනිද්දී විනිසුරු මෝටර් රථයේ නලාව නාද කළේයැයි ඔහුට හා බිරියට මෙම පහරදීම සිදුකර ඇත. මෝටර් රථයට ද අලාභ කර ඇතැයි මාතර පොලීසිය පවසයි. විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ ව පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් මේ වනවිට එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් මාතර පොලීසිය පවසයි.

No comments:

Post a Comment