මුතුරාජවෙල අභයභූමියේ කිඹුල් උද්‍යානයක් ඉදිකිරීමට වනජීවී දෙපාර්තමේන්තුව සැරසෙනවා. මුතුරාජවෙල අභයභූමිය, මීගමුවට දකුණු දෙසින් පිහිටි මීගමුව කලපුව ද ඇතුළත් හෙක්ටයාර් 6,000 ක පමණ භූමි ප්‍රදේශයක්.
මෙම කිඹුල් උද්‍යානය ළඟදීම විවෘත කරන බවත් මෙහි පරමාර්ථය වන්නේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමත් කිඹුලන් සංරක්ෂණය කිරීම බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්ද්‍රවංශ පතිරාජ සඳහන් කරනවා.
ගිං හා නිල්වලා ගංගාවල සිටින කිඹුලන් මෙම උද්‍යානයට මුදාහැරීමට කටයුතු කරන බවත් එමඟින් එම ප්‍රදේශවල ජනතාවට කිඹුලන්ගෙන් ඇති වී තිබෙන තර්ජනයට විසඳුමක් ලැබෙන බවත් ඔහු කියා සිටිනවා.
මෙම උද්‍යානය ඉදිකිරීමෙන් අනතුරුව දඬුගං ඔයේ බෝට්ටු සේවයක් ආරම්භ කිරීමට ද නියමිතයි. එමඟින් සංචාරකයන්ට කිඹුලන් නැරඹීමට අවකාශ ලැබෙනවා. ඊට අමතරව උද්‍යානයේ නැරඹුම් කුලුණු ඉදිකිරීමට ද අපේක්ෂිතයි.
මෙවැනි කිඹුල් උද්‍යාන ලෝකයේ බොහෝ රටවල ඉදිකර තිබෙනවා. ඉන්දියාවේ චෙන්නායි හි විශාල කිඹුල් උද්‍යානයක් තිබෙනවා.
දේශපාලනයේ කිඹුල් කඳුලු හෙලන අපේ රටේ ඇත්තන්ට මෙය බොහෝ වටිනාකමක් ගෙනදේවි.
No comments:
Post a Comment