Wednesday, May 11, 2011

අගවිනිසුරු විශ්‍රාම යයි

cheifjust ශ්‍රී ලංකාවේ 32 වැනි අගවිනිසුරු අශෝක එන් ද සිල්වා මහතා අද (11) එම ධුරයෙන් නිල වශයෙන් සමුගත්තේය. 2009 ජුනි මස ඔහු අගවිනිසුරු ධූරයට පත්විය. මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් 1971 දී උපාධිය ලැබීය.

අශෝක එන් ද සිල්වා මහතාගේ විශ‍්‍රාම යා‍මේ උපහාර උත්සවය අද ශේෂ්ඨාධිකරණයේ නිල උත්සව ශාලාවේදී පැවැත්විණි.
විශ‍්‍රාමයාමෙන් පසුව තමන්ට පැවරී ඇති ජාත්‍යන්තර අධිකරණ කටයුතු සදහා විදේශගත වන බව අගවිනිසුරුවරයා එහිදී උත්සවට අමතමින් පැවසීය. එම කටයුතු අවසන් වු වහාම යළි දිවයිනට පැමිණ ශ‍්‍රි ලංකාව වෙනුවෙන් සේවය කිරිමට කැපවන බව ද අශෝක එන් ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

No comments:

Post a Comment