Saturday, May 14, 2011

Facebook කාන්දුව

virus_facebook මේ වනවිට ෆේස්බුක් පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු බලාපොරොත්තු නොවූ ලෙස තෙවන පාර්ශවයන් අතට පත්වී තිබෙනවා. මේ බව අනාවරණය කරන්නේ ප්‍රමුඛ ආරක්ෂණ ක්‍රමලේඛ සකසුවන් වන සිමැන්ටෙක් (Symantec) සමාගමයි.

ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට මෙම තෙවන පාර්ශවයන් ඔබගේ ෆේස්බුක් ගිණුමේ ඇති ජීවන තොරතුරු (profiles), ඡායාරූප සහ පිළිසඳරවලට (chat) ප්‍රවේශ වන බවයි. ඒ වගේම පණිවුඩ (messages) යැවීම සඳහාත් ඔබගේ ෆේස්බුක් ගිණුම භාවිතා කිරීමේ හැකියාවක් පවතිනවා. ලෝකයේ විශාලතම සමාජ ජාලය වන Facebook මේ බව පිළිගෙන තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙම මතුවී ඇති අනාරක්ෂිත තත්ත්වය විසඳීම සඳහා දැනටමත් පියවර ගෙන ඇති බවයි.

මේ අතර ෆේස්බුක් ප්‍රකාශිකා මැලරි ලුසියා සඳහන් කරන්නේ මෙහි ආරක්ෂිත පියවරක් වශයෙන් තම සමාගම, යල් පිනූ යෙදවුම් වැඩසටහන් අතුරු මුහුණත් (outdated API) දැන් ඉවත්කර ඇති බවයි.

Facebook පරිශීලකයන් මේ වනවිට මිලියන 500 ඉක්මවා ඇති අතර මෙය Google හා Yahoo සමාගම්වලට අභියෝගයක් වී ඇති බවයි පැවසෙන්නේ.

No comments:

Post a Comment