ලොව වාර්තාගත සියදිවි නසාගැනීමක් ඊයේ (10) සිදුවුනා. ඒ අවුරුදු තිස් ගණනක ආසියානු තරුණයෙක් ලොව උසම ගොඩනැගිල්ලෙන් පැන සිදුකරගත් සියදිවි නසාගැනීමක්. ඩුබායි හි පිහිටි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ 147 වැනි මහලෙන් ඔහු බිමට පැන්නත් වැටී තිබෙන්නේ එම ගොඩනැගිල්ලේ 108 වැනි මහලටයි. තමා සේවය කරන සමාගමෙන් නිවාඩු නොදීම නිසා, ඔහු මෙම සියදිවි නසාගැනීම සිදුකරගෙන ඇති බව වාර්තා වෙනවා.
දැනට ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා මහල් 160 කින් යුක්ත වන අතර, උස අඩි 2,716.5 ක් වේ. මෙය නිල වශයෙන් විවෘත කර ඇත්තේ 2010 දීය.
No comments:
Post a Comment