LTTE නව නායකයා යැයි ප්‍රසිද්ධියට පත් නෝර්වේ හි පදිංචි පෙරින්පනායගම් සිවපාරන් හෙවත් නෙදියවන් අත් අඩංගුවට පත්වී ඇති බවත් බදාදා හා බ්‍රහස්පතින්දා දිනවල ඔස්ලෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් නෝර්වීජියානු මාධ්‍ය වාර්තා කරනවා.
නෝර්වීජියානු පොලීසිය මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය නොකළත් මෙම අත් අඩංගුවට පත්වීම පිළිබඳ TV2 රූපවාහිනී සේවයට ස්ථිර කොට තිබෙනවා. නෙදියවන් සම්බන්ධව වැඩිදුර ප්‍රශ්ණ කිරීම සඳහා ජර්මානු පොලීසියේ ද සහයෝගය ලබාගැනීමට නියමිතයි.
ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, යුරෝපා සංගමය යන රටවල LTTE සංවිධානය තහනම් වුවත් නෝර්වේ හි තවමත් ඔවුන්ට නිදහසේ ක්‍රියාත්මක විය හැකියි.
No comments:
Post a Comment