Saturday, May 14, 2011

මාතරටත් දැන් Colour Lights

colourlight  මාතර නගරයට ගාම්භීර පෙනුමක් එක් කරමින් ඊයේ (13) සිට විදුලි සංඥා (Colour Lights) ක්‍රියාත්මකයි.  A2 මාර්ගයේ  කළුතර   නගරයෙන් පසු දැන් මාර්ග විදුලි සංඥා මුලින්ම හමුවන්නේ මාතර නගරයේදීයි. මෙම මාර්ග විදුලි සංඥා පුවරු මාතර බෝධිය මංසන්ධියේ හා නූපේ මංසන්ධියේ සවිකර තිබෙනවා.

මේ විදුලි සංඥා ක්‍රියාත්මක වීමෙන් පසු බෝධිය මංසන්ධියේ වෙනදාට වඩා වාහන තදබදයක් දක්නට තිබෙනවා. මෙම මාර්ග සංවර්ධන කටයුතුවල ප්‍රතිපලයක් ලෙස මාතර පොලීසිය ඉදිරිපිට සිට හක්මන පාර දක්වා දිවෙන ශ්‍රී කරතොට නාහිමි මාවත ගාලු පාරෙන් දෙකට බෙදී තිබෙනවා. ඒ හේතුවෙන් මාතර ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන මොහොට්ටි පෞද්ගලික රෝහල, යූනියන් ඩිස්පෙන්සරි, අරුණ ෆාමසි හා රාජ්‍ය ඔසුසල යන ආයතනවලට එන රථවාහන මාතර රෝහල පෙදෙසට හා හක්මණ පාරට ප්‍රවේශ වීමේදී මහත් දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවී තිබෙනවා. කුමාරතුංග මාවතේ බෝධිය අසල සිට ප්‍රධාන පාර දක්වා කොටස වාහන සඳහා වසා තැබීමෙන් මේ තත්ත්වය තවත් බාධාකාරී වී තිබෙනවා. මෙම රථවාහන සැලැසුම් අදාළ බලධාරීන් විසින් ජනතාවගේ පහසුව තකා වෙනස් කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වනවා.

No comments:

Post a Comment