කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් හට යෝජිත පෞද්ගලික විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇතැයි බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා මේ බව තමා වෙත දුරකතනයෙන් දැනුම් දුන් බව ඔහු කියා සිටිනවා.
අද දෙවැනි දිනටත් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇගළුම් සේවකයින් මෙම යෝජිත විශ්‍රාම වැටුපට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුවා. උද්ඝෝෂකයින් පළවා හැරීමට පොලීසිය කඳුලු ගෑස් පාවිච්චි කළා. මෙහිදී සිදුවූ ගැටුම්වලදී පොලිස් නිලධාරීන් 9 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරයෙක් තුවාල ලැබූ නිලධාරීන් අතර වෙනවා. මේ අතර වෙළඳ කලාප සේවකයින් 15 දෙනෙක් ද තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා මීගමුව සහ රාගම රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.
කෙසේ වෙතත් රජය මීට පෙර ප්‍රකාශ කළේ කුමන විරෝධතා පැවතියත් මෙම පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.
බින් ලාඩන් අල්ලා ගැනීමේ මෙහෙයුම සඳහා ඇමෙරිකානු සීල් නාවුක හමුදා කණ්ඩායමට පුහුණු කරන ලද ප්‍රහාරක සුනඛයෙකුගේ ද උදව් ලැබී තිබෙනවා. මෙම බල්ලා ජර්මන් ෂෙපඩ් හෝ බෙල්ජියන් මැලිනොයිස් වර්ගයේ එකෙක්. සීල් හමුදාව සමඟ මෙම බල්ලා ද බින් ලාඩන්ගේ නිවාස සංකීර්ණයට ප්‍රහාරක හෙලිකොප්ටරයෙන් බැස තිබෙනවා. වෙඩි නොවදින ඇඳුමක් සහිත වූ මෙම බල්ලාගෙන් නිවාස සංකීර්ණයේ පුපුරණ ද්‍රව්‍ය ඇත්දැයි මුලින්ම නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව මෙම මෙහෙයුම සඳහා මෙම සුනඛයා වැදගත් කාර්යය භාරයක් කර තිබෙනවා.