මේ සියවසේ දීර්ඝතම හා අඳුරුතම චන්ද්‍රග්‍රහණය මේ පොසොන් පොහෝ දිනයේදී (15) ලක්වැසි ජනතාවට දැකගැනීමට හැකිවෙයි. මේ බව සඳහන් කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, තාරකා විද්‍යාව හා අභ්‍යාවකාශ යෙදුම් සම්බන්ධ උපදේශක හා නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ උපදේශක ආචාර්ය චන්දන ජයරත්න ය.
ආචාර්ය ජයරත්න තවදුරටත් සඳහන් කරන්නේ මෙම 15 දින ප.ව.10.55 ට චන්ද්‍රයා පෘථිවි උපඡායාවට ඇතුළුවන බවත් එය අවසන් වන්නේ 16 දින පෙ.ව. 4.31 ට බවත් ය. නමුත් මෙම දර්ශනය අපට පැහැදිලිව දැකගත හැකි වන්නේ 15 දින ප.ව. 11.53 සිට 16 දින පෙ.ව. 3.32 දක්වා කාලය තුළදීය. ඒ චන්ද්‍රයා පෘථිවි පූර්ණ ඡායාවේ ගතකරන කාලයයි. එනම් පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවන කාලයයි.
මෙය යුරෝපයට හා දකුණු ඇමෙරිකානු රටවලට හිරු බැසයාමෙන් පසුව හා ආසියානු හා අප්‍රිකානු රටවලට හිරු උදාවීමට පෙර දර්ශණය වනු ඇත.
මීලඟ චන්ද්‍රග්‍රහණය එනම් මේ වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය සිදුවන්නේ ලබන දෙසැම්බර් 10 වන දිනයි. එය ද ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමට පුළුවන. මෙම චන්ද්‍රග්‍රහණය සිදුවන කාලය මිනිත්තු 25 ක් පමණ වේ.
ශ්‍රී ලංකාවාසීන්ට මීලඟට දැකගත හැකි දීර්ඝතම චන්ද්‍රග්‍රහණය සිදුවන්නේ 2018 ජනවාරි 31 දිනයි.
No comments:
Post a Comment