Friday, June 3, 2011

කණෙන් රිංගා මොළයට ඇතුළුවන සෙලියුලර් මාරයා

imagesCAPRL73W ජංගම දුරකථන භාවිතයේදී හානිකර විකිරණ නිකුත් කරන බවත් එම විකිරණ මිනිස් මොළයේ පිළිකා ඇති කිරීමට හේතුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සිදුකරන ලද පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා. ඇමෙරිකාව ඇතුළු රටවල් 14 ක විද්‍යාඥයින් 31 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මගින් සිදුකළ පර්යේෂණයකින් අනතුරුව මේ බව ප්‍රකාශයට පත් කළේ පසුගිය ජුනි 01 දාය.

ජංගම දුරකථන භාවිතා කරන විට එය ක්ෂුද්‍ර තරංග උදුනක (Microwave Oven) සිදුවන තරංග ජනනයට බොහෝ සේ සමාන වෙනවා. ක්ෂුද්‍ර තරංග උදුනක සිදුවන ආහාර පිසීම සේම ජංගම දුරකථන තරංග නිසා මොළයේ ඇති සෛල පිසීම වැන්නක් සිදුවන බවත් මොළයේ මතකය සම්බන්ධ කොටසට දැඩිසේ බලපාන බවත් ලෝස් ඇන්ජලීස් සෙඩාර්ස්-සිනායි වෛද්‍ය මධ්‍යස්ථානයේ සභාපති වෛද්‍ය කීත් බ්ලැක් ප්‍රකාශ කරනවා.

විකිරණ පර්යේෂණ සම්බන්ධව වසර 30 ක පළපුරුද්දක් ඇති වොෂිංටන් සරසවියේ පර්යේෂණ මහාචාර්ය හෙන්රි ලේ පවසන්නේ මෙම අවදානමින් මිදීමට නම් සෙලියුලර් භාවිතය අවම කරගන්නා ලෙසයි.

ළමයින්ගේ හිස්කබල හා එහි පටලයන් ඝනත්වයෙන් අඩු බැවින් මෙම විකිරණ විනිවිද යාම ඉතා පහසුවෙන් සිදුවන බවත් විශේෂයෙන් ඔවුන්ගේ ජංගම දුරකථන භාවිතය ඉතා අනතුරුදායක බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

ඇපල් අයිෆෝන් භාවිතයේදී දුරකථනය මිලිමීටර් 15 ක් ශරීරයෙන් ඈත්ව ද බ්ලැක්බරි භාවිතයේදී එය මිලිමීටර් 25 ක් දුරින් ද තබාගන්නා මෙන් එම නිෂ්පාදන සමාගම් තම මාර්ගෝපදේශයන්හි සඳහන් කරනවා.

තම ජංගම දුරකථනයේ බාහිර ශබ්ද විකාශක පහසුකම (speakerphone)හෝ රැහැන්ගත සවන්කඩක් (wired earpiece) භාවිතා කිරීමෙන් මෙම පිළිකා අවදානම අවම කිරීමට හැකි බවත් ඇමතුම් වෙනුවට හැකි සෑම විටම පාඨික පණිවුඩ (text messages) භාවිතා කිරීමට සෙලියුලර් ග්‍රාහකයන් උනන්දු වන ලෙසත් පර්යේෂකයින් දන්වා සිටිනවා.

මෙම හානිකර විකිරණ බහුලව නිකුත්වන්නේ දුරකථනය ඇමතුමක් හා සම්බන්ධවන මොහොතේදීත් එය රැගෙන යාමේදීත් ඒ වගේම දුර්වල සංඥා ලැබෙන අවස්ථාවලදීත් ය.

No comments:

Post a Comment