බැන් කී මූන් දෙවන වරටත් එක්සත් ජාතීන්ගේ මහලේකම් වශයෙන් තේරී පත් වුණා. අවුරුදු 67 ක් වයසැති බැන් කී හිටපු දකුණු කොරියානු විදේශ ඇමතිවරයෙකි. ඔහුගේ දෙවන ධූර කාලය 2012 ජනවාරි 01 දා සිට 2016 දෙසැම්බර් 31 දක්වා වනු ඇත.
මෙය පෘථිවියේ අමාරුම හා කාර්ය බහුලම රැකියාව බවත් එහෙත් තම මව්රටට ඉමහත් ආඩම්බරයක් බවත් දකුණු කොරියානු විදේශ ඇමති කිම් සුන් වාන්, මූන්ගේ පත්වීමෙන් අනතුරුව මහා මණ්ඩලයේදී ප්රකාශ කළා.
මූන්ගේ ඉදිරි වසර පහ තුළ ලෝකයේ ඇතිවන යුද්ධවලට වඩා දේශගුණික විපර්යාස නිසා ඇතිවන මිහිතලය උණුසුම්වීම වැනි පාරිසරික ගැටලු ඔහුට මහත් අභියෝගයක් වනු ඇති.
No comments:
Post a Comment