දැන් කොළඹ සිට මහනුවර දක්වා කුළී ගුවන් ගමන් සේවයක් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අනුබද්ධ ශ්‍රී ලංකන් එයාර් ටැක්සි (Sri Lankan Air Taxi) විසින් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අලෙවි ප්‍රධානී මොහොමඩ් ෆසාල් සඳහන් කරන්නේ මෙම එයාර්ටැක්සි (Air Taxi) සේවය මගීන්ට ඉක්මන්, ආරක්ෂාකාරී හා සුවපහසු සේවයක් සපයන බවයි.
කොළඹ සිට මහනුවර-පොල්ගොල්ල දක්වා ගමනට ගතවන්නේ විනාඩි 30 ක් වැනි කෙටි කාලයකි. එක් ගමනකට ගාස්තුව රු. 4,900 කි. යාමට හා ඊමට ගාස්තුව රු. 9,800 කි.
පෙ.ව. 9.00 ට කොළඹින් පිටත්වන ගුවන්යානය පෙ.ව. 9.30 ට පොල්ගොල්ලට ළඟා වන අතර පොල්ගොල්ලෙන් නැවත පෙ.ව. 10.00 ට පිටත්වන අතර එය කොළඹට පැමිණෙන්නේ පෙ.ව. 10.30 ටය.
මෙම ගුවන් සේවය සඳහා දැනට ඩි හැවිලන්ඩ් ට්වින් ඔටර් නමැති ද්විත්ව එන්ජින් සහිත ගුවන් යානා දෙකක් භාවිතා කරනවා. එක් ගුවන් යානයක එකවර මගීන් 15 කට ගමන් කළ හැකියි.
බෙන්තොට, හම්බන්තොට, අම්පාර, කොග්ගල, නුවරඑළිය, කාසල්රී හා තංගල්ල දක්වා ද මෙම සේවය දීර්ඝ කිරීමට Sri Lankan Air Taxi ඉදිරි කාලයේදී බලාපොරොත්තු වනවා.
මේවාත් සසඳා බලන්න.
සේවය ගාස්තු ගතවන කාලය
සාමාන්‍ය බස් සේවය රු. 80.00 පැය 3 1/2 – පැය 4
සුඛෝපභෝගී බස් සේවය රු. 140.00 පැය 3 – පැය 3 1/2
දුම්රිය සේවය – සාමාන්‍ය රු. 190.00 පැය 3 1/2 – පැය 4
දුම්රිය සේවය – නගරාන්තර රු. 360.00 පැය 3 – පැය 3 1/2
කුළී රථ සේවය රු. 3500-4500 පැය 2 1/2 – පැය 3
Air Taxi රු. 4900 විනාඩි 30
සසඳා බලා ඔබගේ ගමන් පහසුව ඔබම තීරණය කරන්න
No comments:
Post a Comment