අද (27) ග්‍රිනිච් වේලාවෙන් පස්වරු 5.20 ට කුඩා ප්‍රමාණයේ ඇස්ටරොයිඩයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරනවා. 2011 MD ලෙස එය නම්කර තිබෙනවා. මෙය පෘථිවියට කිලෝමීටර් 12300 ක් (සැතපුම් 7600) ක් ආසන්නව ගමන් කරන බවයි, නාසා ආයතනය ප්‍රකාශ කරන්නේ. මෙය පෘථිවි වායුගෝලයට ඇතුල්වී ගිනියම් වන බවත් එහෙත් එය පෘථිවියට බලපෑමක් සිදු නොවනු ඇති බවත් ඔවුන් සඳහන් කරනවා. මෙය ඉතා කුඩා ප්‍රමාණයේ ඇස්ටරොයිඩයක් (ග්‍රහකයක්) වන අතර විශ්කම්භය මීටර් 5 – 20 අතර වනවා. සාමාන්‍යයෙන් සෑම වසර 6 කට වරක් මෙවැනි කුඩා ප්‍රමාණයේ ග්‍රහක පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය තව දුරටත් කියා සිටිනවා.
පෘථිවි දකුණු අර්ධගෝලයේ ඇන්ටාක්ටිකාවට ආසන්නව ගමන් කරන මෙය පියවි ඇසින් දැකගත නොහැකි බවත් දුරේක්ෂයක් ආධාරයෙන් එම ප්‍රදේශයට දර්ශනය කරගත හැකි බවත් නාසා ආයතනය පවසනවා.
2005 YU55 නමින් විශ්කම්භය මීටර් 400 ක් පමණ වන තවත් කුඩා ඇස්ටරොයිඩයක් 2011 නොවැම්බර් 08 වැනිදා පෘථිවිය ආසන්නයෙන් ගමන් කරනු ඇති.
2011 MD ඇස්ටරොයිඩයේ කක්ෂය පහත දැක්වේ.