සරසවි අනධ්‍යයන සේවකයින් වැටුප් විෂමතා හා හිඟ දීමනා ලබාගැනීම ඇතුළු කරුණු කීපයක් මුල්කරගෙන මේ වනවිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹී තිබෙනවා. එහි පළමු පියවර වශයෙන් ලබන සඳුදා (12) සියළුම විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ලෙඩ නිවාඩු දැමීමට තීරණය කර තිබෙනවා.
මේ අනුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ලබන සඳුදා සියළුම විශ්වවිද්‍යාලවල වැඩ කටයුතු ඇණහිටිනවා. මේ සඳහා විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් ද එක්වී සිටිනවා.
1997 රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමේදී විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් වැඩි නොවීම නිසා රජයේ හා විශ්වවිද්‍යාල සේවක වැටුප් අතර විෂමතාවයක් පැන නැඟී තිබෙනවා. එසේ තිබියදී පසුගිය මැයි මාසයේදී ඇරඹි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලය මාස 2 ක පමණ කාලයක් පැවති අතර එය ජයග්‍රහණය කර ඔවුන්ගේ වැටුප් ඉහළ ප්‍රතිශතයකින් වැඩි කරගනු ලැබුවා. එම ආචාර්ය වැටුප් වැඩිවීමත් සමග විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් විෂමතාවය තවත් වැඩිවුණා.
මේ අතර විශ්වවිද්‍යාල විධායක නිලධාරී සහ පරිපාලන නොවන වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ මීට පෙර ආචාර්ය හා අනෙකුත් සේවක වැටුප් ඉහළ දැමීමේදී යම් ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් දැන් එම ප්‍රතිපත්තිය ක්රියාක්මක නොවන බවත් ය.
එනම්,
1. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රෙල්ඛ අංක 334 මගින් අධ්‍යයන කාර්ය මණ්ඩලයට වෘත්තීය දීමනාවක් ගෙවන විට අනෙකුත් කාර්ය මණ්ඩලයට වැටුප් වර්ධක 4 කට සමාන අගයක දීමනාවක් ගෙවීම
2. අංක 548, 550, 552 වැටුපෙන් 25% ක දීමනාවක් සියළු කාර්ය මණ්ඩලවලට ලබාදීම
3. අංක 558 මගින් අධ්‍යයන කාර්ය මණ්ඩලයට පොත් දීමනාව ගෙවන විට අංක 563, 564 න් අනෙකුත් කාර්ය මණ්ඩලවලට දීමනාවක් ලබාදීම
No comments:
Post a Comment