නාසා මගින් 1991 දී ඉහළ වායුගෝලීය ඕසෝන් ස්ථරය, සුළං හා උෂ්නත්ව පර්යේෂණ සඳහා අභ්‍යාවකාශගත කළ චන්ද්‍රිකාවක් (Upper Atmosphere Research Satellite) අක්‍රීය වීමෙන් පසු ලබන සිකුරාදා (23) පෘථිවිය මතට කඩා වැටීමට නියමිත බව නාසා විද්‍යාඥයින් ප්‍රකාශ කරති. මෙය බස් රථයක ප්‍රමාණයේ ටොන් 6 ක් පමණ බරැති එකකි. කඩා වැටෙන මොහොතේ පෘථිවි වායුගෝලයට ඇතුළු වනවිට අඩි 35 ත් 15 ත් අතර කොටස්වලට කැඩෙන බවත් ඒවා කිලෝග්‍රෑම් 1 සිට 158 දක්වා පරාසයක බරකින් යුක්ත විය හැකි බවත් සුන්බුන් වර්ග කිලෝමීටර් 800 ක ප්‍රමාණයක විසිරෙනු ඇති බවත් විද්‍යාඥයෝ පවසති. කෙසේ වෙතත් අවසන් මිනිත්තු 20 වනතෙක් මෙම චන්ද්‍රිකාව වැටෙන ප්‍රදේශය ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි බව ඔවුහු වැඩිදුරටත් පවසති.
ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ 1991 සැප්තැම්බර් 12 දින අභ්‍යාවකාශගත කළ අවස්ථාවේදී ගනු ලැබූ UARS චන්ද්රකාවයි.
No comments:
Post a Comment