අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ගේ ආශීර්වාදය ඇතිව බුද්ධ ශාසන කාර්යය සාධක සමිතිය විසින් 2600 ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම පිණිස විසිවැදෑරුම් වැඩ සැලැස්මක් සකස් කර ඇත.
පාසල්වල ආගමික වැඩ සටහන් පැවැත්වීම
පාසල් දරුවන් සුචරිතයට යොමු කිරීමේ ආගමික වැඩ සටහනක් වශයෙන් ”ළමා සිතට දහම් සිසිල” නම් වු වැඩ සටහන මෙහෙයුම් කමිටුවේ අනුමැතිය ඇතිව, ආගමික කටයුතු හා සදාචාර වර්ධන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ එකඟත්වයෙන් කොළඹ හා කළුතර දිස්ති‍්‍රක්කයන්හි පාසල් කීපයකදිම පවත්වා ඇත. මෙම ආගමික වැඩ සටහන ශාස්ත්‍රපති පූජ්‍ය මොරකැටිආරේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීමෙන් පවත්වන නියමු වැඩ සටහනකි.
බෞද්ධ පොතපත වෙනුවෙන් ආධාර කිරීම
අපවත් වී වදාළ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤසීහ මහා නාහිමියන් ගේ ”බෞද්ධයා හා බෞද්ධ චාරිත්‍ර” නම් වූ ග්‍රන්ථයේ පිටපත් 10000 ක් නැවත මුද්‍රණය කරවා එම පොත් සියළු දහම් පාසල් අතරේ නොමිළයේ බෙදා හැරීමට නියමිත ය.
පාසල් හා පිරිවෙන් පෙළපොත්වලත්, දහම් පාසල් පොත්වලත්, ආණ්ඩුවේ ප්‍රකාශන මත දිනපොත්වලත්, 2600 ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තිය පිළිවෙතින් පෙළගැසෙමු යන ප්‍රධාන තේමා පාඨයත්, ඒ යටතේ ධර්ම පාඨත්, රුවන් වැකිත් සිසුන්ට ප්රයෝජණය පිණිස ඇතුළත් කොට මුද්‍රණය කර දෙන ලෙස දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, හා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත.
ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්රවෘත්ති ප්‍රකාශයට පෙරාතුව 2600 ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තියට අද සිටම පිළිවෙතින් පෙළ ගැසෙමු යන පාඨයද, ධර්ම පාඨ සහිත පණිවුඩ ද 2009 අගෝස්තු මාසය පුරා ප්‍රචාරය කරවන ලදී.
සදාචාර වර්ධනය අනු කමිටුව
01. විහාරස්ථාන කේන්ද්‍රකොට ආගමික නව ජීවනයක් උදාකිරීම.
02. සෑම නිවසකම පන්සිල් සුරැකෙන පරිසරය දියුණු කිරීම.
03. විහාරස්ථාන වල පොහෝදින සීල සමාධී කටයුතු සැමගේ සහභාගීත්වයෙන් සිදු කිරීම.
04. පොහෝදිනයන්හි ආගමික නොවන උත්සව නොපැවැත්වීම.
05. මද්‍යසාර, දුම්වැටි පනත සකී‍්‍රය පවත්වා ගෙනයාම.
06. ආයතනගත ආගමික පරිසරයක් ඇති කිරීම චරිත හා ආකල්ප වර්ධනය ඇතිකිරීම.
07. මානව සංවර්ධන කි‍්‍රයා අනුව 2011 වන විට අනුපාතික ප්‍රගතියක් ඇති කිරීමදක්වා මෙය ගෙන යාම.
ශාසනාභි වෘද්ධිය අනු කමිටුව
08. භික්ෂු අධ්‍යාපනය, ශාසනානුලෝමීව ප්‍රතිසංස්කරණය කිරීම
09. ප්‍රත්‍ය හා යටිතල පහසුකම් අඩු විහාරස්ථාන වෙත අවශ්‍ය පහසුකම් සලසා දීම
10. බුද්ධ ශාසන පනත හා නිකාය කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත සම්මත කරවා ගැනීම.
11. බෞද්ධයන් අනිත් ලබ්ධීන්ට හරවා ගැනීම වළක්වාලීමට නෛතික විධිවිධාන ඇති කිරීම, හා බෞද්ධ සංස්කෘතික පුනරුදය ඇතිකිරීමට ප්‍රාදේශීය මට්ටමකින් වැඩ පිළිවෙල යෙදීම.
12. 2002 බුද්ධ ශාසන හා ජනාධිපති කොමිසන් සභාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම.
13. 2550 බුද්ධ ජයන්ති යෝජනා අතුරින් කි්රයාත්ම නොවූ ඒවා කි‍්‍රයාවට නැංවීම.
දහම් අධ්‍යාපන අනු කමිටුව
14. පෝදින හා ඉරිදා උදේ වරුවේ පෞද්ගලික උපකාරක පන්ති නීතියෙන් නැවැත්වීම.
15. සිසු විනය වැඩෙන පරිදි ආගමික කි‍්‍රයාකාරකම් වැඩි දියුණු කිරීම සඳහා සියලූ දහම් ගරු වරුන් දැනුවත් කිරීම හා බුද්ධ ධර්මය උගන්වන ගුරුවරුන්ට වැඩ මුළු පැවැත්වීම.
16. දහම් පාසල් අධ්‍යාපනයට වැඩි වටිනාකමක් ලබාදීම දහම්පාසල් හා දිනපතා පාසල් අතර දහම් අධ්‍යාපනය පිළිබඳව කිට්ටු සම්බන්ධතා ඇතිවන නිර්දේශ පත්‍ර සැකසීම.
ජාත්‍යන්තර කටයුතු අනු කමිටුව
17. සම්බුද්ධ ජයන්ති සැමරීමට අන්තර්ජාතික ප්‍රජාව අතර උද්යෝගයක් ඇති කිරීම.
18. 2550 බුද්ධ ජයන්ති වැඩ සටහනෙන් යෝජනා කළ ජාතික බෞද්ධ මධ්‍යස්ථනය, අදියර කීපයක් යටතේ , 2011 දී, ”2600 සම්බුද්ධත්ව ජයන්තිය පැවරීමේ ස්මාරකය” වශයෙන් සම්පූර්ණ බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම.
19. 2600 සම්බුද්ධ ජයන්ති අනුස්මරණ උත්සවය දඹදිව බුද්ධගයා භූමියෙහි පැවැත්වීමට ඉන්දීය රාජ්‍ය හා ඒකාබද්ධව සම්බන්ධ කිරීම.
මාධ්‍ය අනුකමිටුව
20. සම්බුද්ධ ජයන්ති වැඩ සටහන මුද්‍රිත හා විද්‍යත් මාධ්‍ය ඇතුළු සියලූ ජනමාධ්‍යවල සහාය / අනුග්‍රහය ලබා ගැනීම සදාචාර අභිවෘර්ධියට රුකුලක් වන සේ මාධ්‍ය හසුරවා ගැනීම. ‘2600 සම්බුද්ධ ජයන්ති පිළිවෙතින් පෙළ ගැසෙමු’ යනුවෙන් ප්‍රචාරය ලබාදිම.
No comments:
Post a Comment