Friday, April 29, 2011

මහා අකුසල් හත

1. ප්‍රතිපත්තියක් නොමැති දේශපාලනය
2. ශ්‍රමය යෙදවීමකින් තොරව රැස් කළ ධනය
3. සිත් පිත් නැති විනෝදය
4. හික්මීමක් නොමැති දැනුවත්කම
5. සදාචාරයක් නොමැති වෙළඳාම
6. දයාවක් නොමැති විද්‍යාව
7. පරිත්‍යාගයක් නොමැති වන්දනාව

                 - මහත්මා ගාන්ධි -

Monday, April 25, 2011

2600 ශී‍්‍ර සම්බුද්ධත්‍ව ජයන්තිය

වැඩසටහන් මාලාව
අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ගේ ආශීර්වාදය ඇතිව බුද්ධ ශාසන කාර්යය සාධක සමිතිය විසින් 2600 ශී‍්‍ර සම්බුද්ධත්‍ව ජයන්තිය සැමරීම පිණිස විසිවැදෑරුම් වැඩ සැලැස්මක් සකස් කර ඇත.

පාසල්වල ආගමික වැඩ සටහන් පැවැත්වීම

පාසල් දරුවන් සුචරිතයට යොමු කිරීමේ ආගමික වැඩ සටහනක් වශයෙන් ”ළමා සිතට දහම් සිසිල” නම් වු වැඩ සටහන මෙහෙයුම් කමිටුවේ අනුමැතිය ඇතිව, ආගමික කටයුතු හා සදාචාර වර්ධන අමාත්‍යාංශයේ අනුග‍්‍රහයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ එකඟත්‍වයෙන් කොළඹ හා කළුතර දිස්ති‍්‍රක්කයන්හි පාසල් කීපයකදිම පවත්වා ඇත. මෙම ආගමික වැඩ සටහන ශාස්ත‍්‍රපති පූජ්‍ය මොරකැටිආරේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීමෙන් පවත්වන නියමු වැඩ සටහනකි.