කලුතර පිහිටි කැලිඩෝ මුහුදු වෙරළ (Calido Beach) දෙස් විදෙස් සංචාරකයින් විනෝද වන ජනප්‍රිය වෙරළ තීරයක්. කලු ගඟ කලුතර බෝධිය ළඟින් වමට හැරී කිලෝමීටර් 2.5 ක් පමණ ගමන් කර මුහුදට වැටෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි, මුහුදත් කලු ගඟත් අතරින් මෙම කැලිඩෝ වෙරළ තීරය නිර්මාණය වෙන්නේ. දේශිය සංචාරකයින්, විශේෂයෙන් කලුතර බෝධිය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් වැඩි දෙනෙක් නැරඹීමට පැමිණෙන මෙම වෙරළ තීරය කලුතර නගර සභාව මගින් පාලනය කරනු ලබනවා.
කලුතර බෝධිය වගේම ජනප්‍රිය පාසල් 3 ක් ද මේ අසළ පිහිටා තිබෙනවා. ඒවා නම් කලුතර විද්‍යාලය, සිරිකුරුස විද්‍යාලය හා වේලාපුර මහා විද්‍යාලයයි.
මීට වසරකට පමණ පෙර වර්තමාන රජය විසින් කැලිඩෝ වෙරළ සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළා. මෙය තවත් පියවරක් ඉදිරියට යමින් බෞද්ධ ජනතාවගේ වන්දනීය ප්‍රදේශයක පිහිටි කැලිඩෝ වෙරළ තීරය නිරුවත් සංචාරක වෙරළ තීරයක් කිරීමට ස්ටාර්ඩස්ට් කැසිනෝ (Stardust Casino) ආයතනය පිඹුරුපත් සකසමින් සිටිනවා. මේ සම්බන්ධව ඔවුන් බලධාරීන් සමඟ සාකච්චා වට ගණනාවක්ම පවත්වා තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී කැලිඩෝ හි ඔබට නිරුවතින් ගතකිරීමටත් නිරුවත් ළඳුන් හා පිරිමින් දැකබලා ගැනීමටත් හැකි වේවි. කෙසේ වෙතත් කලුතර මහ නගර සභා පරිපාලනය මේ සම්බන්ධයෙන් දැනටමත් ඔවුන්ගේ දැඩි විරෝධය ප්‍රකාශ කර තිබෙනවා.
අපි බලාගෙන සිටිමු. මෙයින් දැකගත හැකි වන්නේ සංචාරකයින්ගේ නිරුවත ද බලධාරීන්ගේ නිරුවත ද ?